එස්.එල්.පී.එල්. අවලංගු කෙරේ.

Wednesday, 17 July 2013 - 12:45

%E0%B6%91%E0%B7%83%E0%B7%8A.%E0%B6%91%E0%B6%BD%E0%B7%8A.%E0%B6%B4%E0%B7%93.%E0%B6%91%E0%B6%BD%E0%B7%8A.+%E0%B6%85%E0%B7%80%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A.



එළඹෙන අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අවලංගු කර ඇති බව ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය සඳහන් කළා. කණ්ඩායම් හිමිකරුවන් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ගෙවිය යුතු වාර්ෂික ගාස්තු නියමිත දිනට නොගෙවීම සහ ක්‍රීඩකයන්ගේ ගෙවීම් පිළිබඳ බැංකු වගකීම් සහතික ඉදිරිපත් නොකිරීම හේතුවෙනුයි මෙලෙස මෙම තරගාවලියේ අවලංගු කිරීමට තීරණය කර ඇත්තේ. මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය එස්.එල්.පී.එල් තරගාවලියේ අධ්‍යක්ෂ අජිත් ජයසේකරගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ එස්.එල්.පී.එල් තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණය අද පස්වරුවේ පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු රැස්වීමේදී ගන්නා බවයි.