අළු බඳුනේදී ඉයන් බෙල්ගෙන් ශතකයක්.

Friday, 19 July 2013 - 8:07

%E0%B6%85%E0%B7%85%E0%B7%94+%E0%B6%B6%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%89%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B6%AD%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.


අළුබඳුන කුසලාන ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය ලන්ඩනයේ - ලෝඞ්ස් ක්‍රීඩාංගනයේදී ඊයේ (18) ආරම්භ වුණා. තරගයේ පළමු දිනය නිමා වනවිට එංගලන්ත කණ්ඩායම කඩුලූ 7 ක් දැවී ලකුණු 289 ක් ලබා සිටියා. එංගලන්ත පිල වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ ඉයන් බෙල් ලකුණු 109 ක් ලබා ගත්තේ 4 පහර 16 ක් එල්ල කරමින්. මීට අමතරව, ජොනී බෙයාස්ටෝ ලකුණු 67 ක් ද, ජොනතන් ට්‍රොට් ලකුණු 58 ක් ද ලබා ගත්තා. පන්දු යැවීමේදී  ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් රයන් හැරිස් සහ ස්ටීවන් ස්මිත් කඩුලූ 3 බැගින් දවා ගැනීමට සමත්වුණා.