හොරා මාට්ටු.

Friday, 19 July 2013 - 13:02

%E0%B7%84%E0%B7%9C%E0%B6%BB%E0%B7%8F+%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94.

ශ්‍රී ලංකාවේ සංචාරයේ නිරත වීමට නියමිත ඉන්දීය වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම තුළ සිදුවූ වංචාවක් එරට බලධාරින් විසින් හෙළිදරව් කරගෙන තිබෙනවා. මෙම ක්‍රිකට් කණ්ඩායම සඳහා තෝරා ගත් ගුජරාට් ප්‍රාන්තයේ කරන් වර්දියා සිය වයස් සීමාව ඉක්මවූ ක්‍රීඩකයෙකු ලෙසයි මේ වන විට හෙළිදරව් වී ඇත්තේ. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල නිලධාරින් විසින් එම ක්‍රීඩකයාගේ ගුවන් බලපත්‍රයේ ඇති උපන්දිනය සහ උප්පැන්න සහතිකයේ ඇති උපන්දිනය අතර පරස්පරතාවයක් හඳුනාගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සිදුකෙරුණු පරීක්ෂණයකින් අනතුරුවයි මෙම වංචාව හෙළිදරව් වී තිබෙන්නේ. කෙසේ වුවත්, මෙම ක්‍රීඩකයා මේ වනවිට කණ්ඩායමෙන් ඉවත් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසනවා.

 

එලෙස ඔහු කණ්ඩායමෙන් ඉවත් කෙරුණේ ශ්‍රී ලංකා සංචාරය ඇරඹීමට දින දෙකකට පෙරයි. වයස අවුරුදු 19 න් පහළ ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු සිව්දින ක්‍රිකට් තරගය ලබන 23 වැනිදා දඹුල්ලේදී ආරම්භ වන අතර දෙවන සිව් දින තරඟය කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.