ශ්‍රී ලංකාවට ලකුණු 180 ක දැවැන්ත ජයක්.

Saturday, 20 July 2013 - 21:16

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+180+%E0%B6%9A+%E0%B6%AF%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ අද (20) පැවති පළමු එක්දින තරගය ලකුණු 180 කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානුවන් පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර, ශ්‍රී ලංකා ක්‍රීඩකයන් නියමිත පන්දුවාර පන්දුවාර පනහ අවසානයේ කඩුළු 05 ක් දැවී ලකුණු 320 ක් ලබා රැස්කළා. කුමාර් සංගක්කාර සිය එක්දින ක්‍රිකට් දිවියේ 16 වන ශතකය අද වාර්තා කළ අතර, ඔහු ලබාගත් ලකුණු සංඛ්‍යාව 169 ක්. එය කුමාර් සංගක්කාර තම එක්දින ක්‍රිකට් දිවියේ රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවයි. මීට පෙර ඔහු ඉන්දියාවට එරෙහිව ලකුණු 138 ක් රැස්කරගෙන තිබුණා. උපුල් තරංග ලකුණු 43 ක් සහ මහේල ජයවර්ධන ලකුණු 42 ක් ලබා ගත්තා.

ලකුණු 321 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානු කණ්ඩායමට පන්දුවාර 31 යි පන්දු 05 කදී සියලූ දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 140 ක් පමණයි. පන්දු යැවීමේදී තිසර පෙරේරා සහ රංගන හේරත් කඩුළු 03 බැගින් බිඳ හෙළුවා.