අළු බදුනේ දෙවන ජයත් එංගලන්තයට.

Monday, 22 July 2013 - 8:15

%E0%B6%85%E0%B7%85%E0%B7%94+%E0%B6%B6%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%9A+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%A2%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7.

ලන්ඩනයේ ලෝඞ්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වුණු අළු බඳුන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී  ඕස්ට්‍රේලියාව පරදා ලකුණු 347 ක ජයග්‍රහණයක් වාර්තාකිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා. ඒ අනුව තරඟ දෙකට බින්දුවක් ලෙස පෙරමුණේ පසුවන්නේ එංගලන්තයයි. මෙම තරඟයේදී පළමු ඉනිම සඳහා එංගලන්ත කණ්ඩායම ලකුණු 361 ක් රැස් කළ ඊට පිළිතුරු ලෙස  ඕස්ට්‍රේලියාව රැස් කළේ ලකුණු 128 ක් පමණයි.  දෙවැනි ඉනිමේදී එංගලන්තය කඩුලූ 7 කට ලකුණු 349 ක් රැස් කළා. ලකුණු 583 ක ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය  ඕස්ට්‍රේලියාවට ලබාගත හැකිවූයේ සියල්ලන් දැවී  ලකුණු 235 ක් පමණයි.