ඩිවිලියස් පරාජයට හේතු කියයි.

Monday, 22 July 2013 - 13:06

%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

ශ්‍රී ලංකාව සමග ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පෙරේදා (20) පැවති පළමු එක්දින තරඟයට හොඳින් මුහුණදීමට හැකි නොවුනේ අධික රස්නය නිසා බව දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායක ඒ.බී. ඩිවිලියස් පවසනවා. ඔහු කියා සිටියේ තම කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව හොඳින් ක්‍රීඩා නොකළේ යැයි ප්‍රකාශ කළ නොහැකි බවයි. උෂ්ණාධික කාලගුණ තත්ත්වය තම කණ්ඩායමේ පන්දු යවන්නන්ට වැඩි බලපෑමක් එල්ල කළ බවද ඩිවිලියස් ප්‍රකාශ කළා. ලොව අංක එකේ පිතිකරු වන හෂීම් අම්ලා පෙරේදා පැවති තරඟයට ක්‍රීඩා නොකිරීමද කණ්ඩායමේ පරාජයට තවත් හේතුවක් වූ බව ඔහුගේ අදහසයි. කෙසේ වෙතත් කුමාර සංගක්කාර සහ මහේල ජයවර්ධනගේ පිතිකරණය හමුවේ තම කණ්ඩායමට පසුබැසීමට සිදුවූ බවද දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායකයා පිළිගෙන තිබෙනවා.

 

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරඟ 5 කින් සමන්විත එක්දින තරඟාවලියේ දෙවන තරඟය හෙට ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇති.