ෂේන් වෝන් ගෙදර යයි.

Monday, 22 July 2013 - 18:39

%E0%B7%82%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%9D%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B6%AF%E0%B6%BB+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

ඕස්ට්‍රේලියානු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ෂේන් වොන් සිය ක්‍රීඩා දිවියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා. ජාත්‍යන්තර ක්‍රීඩා පිටියෙන් සමුගත් ෂේන් වොන් මේ වනවිට මෙල්බන් ස්ටාර්ස් කණ්ඩායම නියෝජනය කරමින්  ඕස්ට්‍රේලියා බිග් බෑෂ් තරගාවලියට එක්ව සිටිනවා. ෂේන් වොන් පවසන්නේ තම පවුලේ කටයුතු සහ ව්‍යාපාරික කටයුතු හේතුවෙන් ක්‍රීඩා දිවියෙන් සමුගැනීමට තීරණය කළ බවයි. මේ වනවිට තමන්ට තරඟ වදින කාලය නොව තරග නරඹන කාලය උදා වී ඇති බව ඔහු වැඩිදුරටත් පවසනවා.  ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් කඩුලූ 708 ක් බිඳ හෙලූ ෂේන් වොන් 1992 වසරේදී සිඞ්නි නුවරදී ඉන්දියාවට එරෙහිව ටෙස්ට් වරම් ලැබුවා. 2007 වසරේ දී ටෙස්ට් පිටියෙන් සමුගත් ෂේන් වෝන් ඒ දක්වා ක්‍රීඩා කළ තරග සංඛ්‍යාව 145ක්. ඊට අමතරව එක්දින ජාත්‍යන්තර තරඟ 193කට සහභාගි වී කඩුලූ 293ක් ලබා ගැනීමට ද ෂේන් වෝන් සමත් වුණා.