තුන්වන තරගයෙන් ශ්‍රී ලංකාවට පරාජය.

Saturday, 27 July 2013 - 7:55

%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර මහනුවර - පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේ ඊයේ (26) පැවැති 3 වන එක්දින තරගය ලකුණු 56කින් ජය ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ඔවුන් නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලූ 7ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 223ක්. එහිදී ඬේවිඞ් මිලර් ලකුණු 85ක් රැස් කළා. පන්දු යැවීමේදී අජන්ත මෙන්ඩිස් කඩුලූ 3ක් දවා ගත්තා.


පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු වාර 43යි පන්දු 2කදී සියලූ දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 167ක් පමණයි. වේගවත් පිතිහරඹයක නිරත වූ තිසර පෙරේරා පන්දු 49 කදී ලකුණු 65ක් රැස් කළා. කෙසේ වෙතත්, ලකුණු 56කින් තරගය ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුණු අතර, ශ්‍රී ලංකා කණ්ඩායම 2ට 1ක් ලෙස තවමත් තරගාවලියේ පෙරමුණේ පසුවනවා. දකුණු අප්‍රිකාව ඊයේ (26) ලද ජයග්‍රහණය ඔවුන් වසර 19යි දින 327කට පසු ශ්‍රී ලංකාවට එරෙහිව ශ්‍රී ලංකාවේදී ලද පළමු එක්දින තරග ජයග්‍රහණයයි.