පළමු 20 - 20 තරගයේ ජය දකුණු අප්‍රිකාවට.

Saturday, 03 August 2013 - 8:26

%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+20+-+20+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B6%BA+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7.

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වුණු පළමු විස්සයි විස්ස තරගය ජයග්‍රහණය කිරීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම ඊයේ (02) සමත් වුණා. කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 6ක් දැවී ලකුණු 115ක් ලබා ගත්තා. ඊයේ දිනයේ ද සාර්ථක පන්දු යැවීමක නිරත වූ සචිත්‍ර සේනානායක ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලකුණු 14කට කඩුලූ 3ක් දවා ගැනීමට සමත් වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 103ක් පමණයි. තරගයේ ජයග්‍රහණය බලාපොරොත්තුවෙන් අවසන් පන්දුව දක්වා විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ කුමාර් සංගක්කාර නොදැවී ලකුණු 59ක් ලබා ගැනීමට සමත් වුණා. තරගාවලියේ දෙවන තරගය හෙට හම්බන්තොට - සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.