අලූබඳුන එංගලන්තයට.

Tuesday, 06 August 2013 - 8:13

%E0%B6%85%E0%B6%BD%E0%B7%96%E0%B6%B6%E0%B6%B3%E0%B7%94%E0%B6%B1+%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7.

අලූබඳුන කුසාලන තුන්වන ටෙස්ට් තරගය ඊයේ (05) දිනයේ දී ජය පැරදුමකින් තොරව අවසන් වුණා. ලකුණු 322ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය එංගලන්ත පිළ ඊයේ දිවා භෝජනයේ දී කඩුලූ 3ක් දැවී ලකුණු 35ක් ලබා සිටි අතර, ඉන් අනතුරුව පිටියට පිවිසි ඔවුන්ට තවත් ලකුණු 2ක් ලබා ගැනීමත් සමග, නැවතත් ක්‍රීඩාගාරය වෙත යාමට සිදුවූයේ, වර්ෂාව ඇද හැලීම නිසයි. තරගය අත්හිටුවන විට එංගලන්ත පිළ කඩුලූ 3ක් දැවී ලකුණු 37ක් ලබා සිටියා. තරගයේ පළමු ඉනිමේ දී කඩුලූ 7ක් දැවී ලකුණු 527ක් රැස් කළ  ඕස්ට්‍රේලියාව දෙවැනි ඉනිමේ දී කඩුලූ 7කට ලකුණු 172ක් ලබා පන්දුවට පහරදීම නතර කළා. එංගලන්තය පළමු ඉනිම ලකුණු 368යි. අලූබදුන තරගාවලියේ පළමු තරග දෙකේ ජයග්‍රහණය එංගලන්තයට හිමි වුණා. මේ නිසා ඉතිරි තරග දෙකම  ඕස්ට්‍රේලියාව ජය ගත්ත ද අලූබදුන කුසලාන තවදුරටත් එංගලන්තයේ රදවා ගැනෙනු ඇති. තරගයේ වීරයා  ඕස්ට්‍රේලියානු පළමු ඉනිමේ දී ලකුණු 187ක් රැස් කළ මයිකල් ක්ලාක්.