HOT SPOT පැරදවීමේ උත්සාහය පිළිබඳව ICC පරීක්ෂණයක්.

Wednesday, 07 August 2013 - 19:37

HOT+SPOT+%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%8F%E0%B7%84%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3%E0%B7%80+ICC+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

අළු බඳුන තරඟාවලියේදී හොට් පොට්ස් තාක්ෂණය පැරදවීම සඳහා සිලිකන් පටි තම ක්‍රිකට් පිත්තට ඇළවීම සිදුකළේද යන්න පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය තීරණය කර තිබෙනවා. එංගලන්තයේ මේ දිනවල පැවැත්වෙන අළු බඳුන තරඟාවලියේදී ඇතැම් පිතිකරුවන් මෙලෙස තම ක්‍රිකට් පිත්තේ පිටත සහ ඇතුළත දාර සඳහා සිලිකන් පටි අලවා ඇති බවටයි වාර්තා වුණේ. ඉන්ෆාරේට් කැමරා භාවිතා කරමින් පන්දුව පිත්තේ දැවටුනේද නැද්ද යන්න පිළිබඳව දසුන් ලබාගැනීමයි හොට් පොට්ස් තාක්ෂණය හරහා සිදුවන්නේ. ඒ අනුව විනිසුරු තීරණ අභියෝගයට ලක් කිරීමේ ක්‍රමවේදය හෙවත් ඞී.ආර්.එස්. ක්‍රමය අසාර්ථක බවයි ජාත්‍යන්තර ක්‍රිකට් විචාරකයින් පෙන්වා දෙන්නේ.