පාකිස්තානය පසුතැවෙයි.

Sunday, 11 August 2013 - 19:01

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B4%E0%B7%83%E0%B7%94%E0%B6%AD%E0%B7%90%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

විදෙස් ක්‍රිකට් කණ්ඩායම් පාකිස්තානයට පැමිණීම අවම වී ඇති බව එරට ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයෙකු වන ශරියාර් ඛාන් පවසනවා. විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය පාකිස්තානයේ ක්‍රිකට් ඉදිරි පැවැත්මට බලපෑ හැකි බවයි. 2009 වසරේ සිදුවූ ලාහෝරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වූ ප්‍රහාරය මීට හේතුවී ඇති බවයි හිටපු සභාපතිවරයා පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත්, වත්මන් පාකිස්තාන රජය මෙම තත්ත්වය යහපත් අතට පත් කර ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බව ද ඔහු වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙනවා.