බි.පී.එල්. තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුටත් චෝදනා.

Wednesday, 14 August 2013 - 13:23

%E0%B6%B6%E0%B7%92.%E0%B6%B4%E0%B7%93.%E0%B6%91%E0%B6%BD%E0%B7%8A.+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F.

බංග්ලාදේශ පී‍්‍රමියර් ලීග් තරගාවලියේදී තරග පාවාදෙන ලෙස ලැබුණු යෝජනාව ප්‍රතික්ෂේප කර එය හෙළි නොකළ බවට ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකුට චෝදනා එල්ල වී ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා. එම ක්‍රීඩකයා ඊයේ (13) ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව හමුවට කැඳවා ඇති බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළා. මෙම ක්‍රීඩකයා කලක් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කර පසුව ආන්දෝලනාත්මක තත්ත්වයක් හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත් කළ අයෙක් බවයි එම ආරංචි මාර්ග කියා සිටියේ.

පසුගියදා අවසන් වූ බංග්ලාදේශ පී‍්‍රමියර් ලීග් තරගාවලියේදී ඩකා ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් 09 දෙනෙකුට චෝදනා එල්ල වුණා. මේ වනවිට ඔවුන්ට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, පරීක්ෂණ අවසන් වනතුරු මෙම ක්‍රීඩකයන් කවුරුන්ද යන්න හෙළි නොකරන බවයි අයි.සී.සී. ය කියා සිටියේ. මෙම ක්‍රීඩකයන් 09 දෙනාගෙන් 07 දෙනෙකුට මුදලට තරග පාවාදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වන අතර, ක්‍රීඩකයන් දෙදෙනෙකුට චෝදනා එල්ල වී ඇත්තේ තරග පාවාදීම පිළිබඳව තමන් දන්නා තොරතුරු වගකිව යුතු බලධාරීන් දැනුවත් නොකිරීම සම්බන්ධයෙන්. මෙම ක්‍රීඩකයන් දෙදෙනා අතර     ශ්‍රී ලාංකික ක්‍රීඩකයාගේ නම සඳහන් වනවා. ඔහුට මුදලට තරග පාවාදීම සම්බන්ධයෙන් යෝජනාවක් ලැබී ඇති අතර ඔහු එය ප්‍රතික්ෂේප කර තිබෙනවා. නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ එවැනි තොරතුරු සම්බන්ධයෙන් වගකිව යුත්තන් දැනුවත් නොකිරීම වරදක් බවයි. ඒ අනුව මුදලට තරග පාවාදීමේ චෝදනා ලැබූවන් වරදකරුවන් වුවහොත් ඔවුනට ජීවිතාන්තය දක්වා තරග තහනමක් පැනවෙනවා. සෙසු වැරදි සඳහා වසරත්, වසර 05 ත් අතර තරග තහනමක් පැනවෙන බවයි වාර්තා වන්නේ. මුදලට තරග පාවාදුන් බවට චෝදනා එල්ල වූ ඩකා ග්ලැඩියේටර්ස් කණ්ඩායමට ටී.එම්.ඩිල්ෂාන්, අජන්ත මෙන්ඩිස් සහ කෞෂල්‍ය ලොකුආරච්චි ක්‍රීඩා කළා.