නදීකා ලක්මාලි ලෝක ශූරතා අවසන් වටයට.

Friday, 16 August 2013 - 13:45

%E0%B6%B1%E0%B6%AF%E0%B7%93%E0%B6%9A%E0%B7%8F+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B7%81%E0%B7%96%E0%B6%BB%E0%B6%AD%E0%B7%8F+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%A7%E0%B6%BA%E0%B6%A7.

රුසියාවේ - මොස්කව් නුවර පැවැත්වෙන ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලියේ හෙල්ල විසි කිරීම අවසන් තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවේ හෙල්ල විසි කිරීමේ ශූරිය, නදීකා ලක්මාලි සමත් වී තිබෙනවා. ඒ, අද (16) පැවැති සුදුසුකම් ලැබීමේ තරගයකදී මීටර් 60යි දශම 3යි 9ක දුරට හෙල්ල විසි කරමින්. හෙල්ල විසිකිරීමේ ජාතික ශූරිය ද වන නදීකා ලක්මාලි මේ වසරේ ජුලි මස 17 වන දා කොළඹ පැවැති තරගයකදී මීටර් 60යි දශම 6යි 4ක දුරක් හෙල්ල විසි කිරීමෙන් දැක්වූයේ ඇගේ උපරිම දක්ෂතාවයි. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලියක විසි කිරීමේ ඉසව්වක අවසන් වටයට සුදුසුකම් ලැබූ ප්‍රථම අවස්ථාව මෙයයි.