සචින් සමු ගන්න හැඩයි.

Saturday, 17 August 2013 - 12:56

%E0%B7%83%E0%B6%A0%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%84%E0%B7%90%E0%B6%A9%E0%B6%BA%E0%B7%92.


ඉන්දියාවේ සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් තමා 200 වැනි ටෙස්ට් තරගයෙන් පසු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගනු ඇතැයි හිටපු ඉන්දීය පන්දු යවන්නෙකු වන කර්සාන් ගෞරි පවසනවා. ඉන්දීය කණ්ඩායමේ එළඹෙන දකුණු අප්‍රිකානු චාරිකාවේදී තෙන්ඩුල්කාර්ගේ 200 වන ටෙස්ට් තරගය උදාවනු ඇති. ප්‍රවීන ඉන්දීය ක්‍රීඩක කර්සාන් ගෞරි කියා සිටියේ තෙන්ඩුල්කාර් සිය ටෙස්ට් සමු ගැනීමට එම අවස්ථාව යොදා ගනු ඇති බවයි. තෙන්ඩුල්කාර් දැනට ටෙස්ට් තරග 198කට සහභාගි වී ලකුණු 15,837ක් රැස් කරගෙන සිටින අතර, ශතක 51ක් ද ඊට ඇතුළත්.