ජැමෙයිකා තලවස් කණ්ඩායමට සංගක්කාර.

Monday, 19 August 2013 - 14:07

%E0%B6%A2%E0%B7%90%E0%B6%B8%E0%B7%99%E0%B6%BA%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B6%AD%E0%B6%BD%E0%B7%80%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර කැරිබියන් ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරඟාවලියේ ජැමෙයිකා තලවස් කණ්ඩායම සඳහා තෝරාගෙන තිබෙනවා. මෙම කණ්ඩායම සඳහා තමන් තෝරාගත් බවට මුත්තයියා මුරලිදරන් දුරකථනය ඔස්සේ දැනුම් දුන් බවයි සංගක්කාර පවසන්නේ. කෙසේ වුවත් කොදෙව් දූපත්හි සුපිරි පිතිකරුවෙකු වන ක්‍රිස් ගේල් සමග එක් කණ්ඩායමක තරඟ වැදීමට තමන්ට තිබෙන දැඩි කැමැත්ත හේතුවෙන් මෙම තරඟාවලියට සහභාගිවීමට තීරණය කළ බවද සංගක්කාර කියා සිටියා. පාකිස්ථානු ක්‍රිඩක අහමඞ් ෂෙෂාඞ් මීට පෙර ජැමෙයිකා තලවස් කණ්ඩායම නියෝජනය කිරීමට තෝරාගෙන සිටි අතර ඔහු කණ්ඩායමෙන් ඉවත්වීමත් සමගයි සංගක්කාරට මෙම අවස්ථාව හිමිවුණේ.