යොවුන් ක්‍රීඩා උළෙලේදී තවත් පදක්කම් 02 ක් ශ්‍රී ලංකාවට.

Thursday, 22 August 2013 - 19:14

%E0%B6%BA%E0%B7%9C%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F+%E0%B6%8B%E0%B7%85%E0%B7%99%E0%B6%BD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+02+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7.



චීනයේ පැවැත්වෙන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ තවත් පදක්කම් දෙකක් දිනා ගැනීමට ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද සමත් වුණා. කාන්තා මීටර් 800 ඉසව්ව නියෝජනය කළ දිල්හානි ප්‍රනාන්දු ලෝකඩ පදක්කමක් දිනාගත් අතර, ඇය ඒ සඳහා ගත කළ කාලය විනාඩි දෙකයි තත්පර 15 යි දශම 7 යි 2 ක්. අනුරාධ විදුසංඛ මීටර් 400 කඩුළු මතින් දිවීමේ ඉසව්වෙන් තවත් ලෝකඩ පදක්කමක් හිමිකර ගත්තේ එම ඉසව්ව තත්පර 54 යි දශම 0 යි 05 කින් අවසන් කරමින්. මෙම ලෝකඩ පදක්කම් දෙකත් සමග  ශ්‍රී ලංකාව මේ වනවිට ලබා ඇති පදක්කම් සංඛ්‍යාව 05 ක්.