ඇමරිකානු විවෘත ටෙනිස් ශූරතාව නඩාල්ට.

Tuesday, 10 September 2013 - 7:43

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B6%A7%E0%B7%99%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%81%E0%B7%96%E0%B6%BB%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%B1%E0%B6%A9%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7.


ස්පාඤ්ඤ ජාතික රෆායෙල් නඩාල් ඇමරිකානු විවෘත ටෙනිස් ශූරතාව ජයග්‍රහණය කිරීමට සමත් වුණා. ඊයේ (09) පැවැති අවසන් තරගයේ දී ඔහු සර්බියානු ක්‍රීඩක නොවැක් ජොකවිච් පරාජයට පත් කළේ 6ට 2යි, 3ට 6යි, 6ට 4යි සහ 6ට 1ක් ලෙසයි. තරඟය පැය 3යි විනාඩි 21ක කාලයක් පැවතීම ද විශේෂත්වයක්. නිව්යෝක් හි ආතර් ඈෂ් ක්‍රීඩාංගණයේ තරගය නැරඹීමට 23,000කට අධික ක්‍රීඩාලෝලීන් පිරිසක් රොක්ව සිටි බව සඳහන්. මෙවර දිනාගත් ඇමරිකානු විවෘත ශූරතාව නඩාල් වාර්තා කළ 13 වන ග්‍රෑන්ඞ් ස්ලෑම් කේවල ජයග්‍රහණයයි.