කඳුරට මෙරූන්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් අතර තරඟය අද.

Tuesday, 17 September 2013 - 13:12

%E0%B6%9A%E0%B6%B3%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B7%96%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%83%E0%B7%8A+%E0%B7%84%E0%B6%BA%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF.

ලොව පුරා විස්සයි විස්ස ක්‍රිකට් ශූරයන් තරඟ වදින චැම්පියන්ස් ලීග් තරගාවලිය ඉන්දියාවේ මෝහාලි නුවර දී අද (17) ආරම්භ වනවා. එහි පැවැත්වෙන දෙවන තරගයේ දීම ශ්‍රී ලංකාව නියෝජනය කරන කඳුරට මෙරූන්ස් කණ්ඩායම, අයි.පී.එල්. කණ්ඩායමක් වන සන්රයිසස් හයිද්‍රාබාද් පිළ සමඟ තරඟ වදිනු ඇති. මෙම තරගයේ විශේෂත්වය වන්නේ කුමාර් සංගක්කාර කඳුරට පිළ නියෝජනය කරමින් සිය අයි.පී.එල්. කණ්ඩායම වූ හයිද්‍රාබාද් පිළට එරෙහිව තරග වැදීමයි. කෙසේ නමුත් හයිද්‍රාබාද් පිළට ශ්‍රී ලංකා ක්‍රීඩක තිසර පෙරේරා ඇතුළත්. ප්‍රධාන තරගාවලියට ඇතුළත්වීම සඳහා කණ්ඩායම් දෙකම සිය මුල් තරග තුනෙන් දෙකක් ජය ගත යුතුයි. කඳුරට කණ්ඩායම සඳහා රංගන හේරත්, අජන්ත මෙන්ඩිස්, සුරාජ් රන්දීව් සහ නුවන් කුලසේකර ඇතුළු ලොව විශිෂ්ඨතම විස්සයි විස්ස ක්‍රීඩකයන් රැසක් ඇතුළත්. කඳුරට කණ්ඩායම මෙහෙය වන්නේ ලහිරු තිරිමාන්න විසින්.



එංගලන්තය සහ කොදෙව් කණ්ඩායම් කළු ජාතිකයින් වෙනුවෙන් පෙනී සිටී
Wednesday, 08 July 2020 - 13:25

කොරෝනා වසංගතයෙන් පසු අද ආරම්භ වන පළමු ජාත්‍යන්තර ටෙස්ට් තරගයේදී... Read More

එංගලන්ත-කොදෙව් ටෙස්ට් තරගාවලිය හෙට ඇරඹේ
Tuesday, 07 July 2020 - 20:22

එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරග තුනකින් යුත්... Read More

පාකිස්ථාන එංගලන්ත ටෙස්ට් තරඟ 3ක්
Tuesday, 07 July 2020 - 13:00

පාකිස්තාන පිළේ එංගලන්ත සංචාරය සඳහා තරඟ සටහන දැන් ප්‍රකාශයට... Read More