චෙන්නායි සුපර් කිංග්ස් භාරකරුට චෝදනා.

Sunday, 22 September 2013 - 13:32

%E0%B6%A0%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F.


පසුගිය ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියට අදාළව වංචා දූෂණ සහ අපරාධ කුමන්ත්‍රණ සිදුකළ බවට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ හිටපු භාරකරු ගුරුනාත් මෙයියප්පන්ට එරෙහිව මුම්බායි පොලීසිය ඊයේ චෝදනා ගොනු කළා. ඔහු ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති එන්. සිරිනිවාසන්ගේ බෑණනුවන් වීමද විශේෂත්වයක්. අයි.පී.එල්. තරඟාවලියේදී සිය කණ්ඩායම පාවාදෙමින් ප්‍රතිවාදී පිල්වලට තොරතුරු ලබාදුන් බවටයි මෙයියප්පන්ට එරෙහිව චෝදනා එල්ලවී ඇත්තේ.

මේ අතර අයි.පී.එල්. තරඟ විනිශ්චයට සහභාගි වූ පාකිස්ථාන විනිසුරු අසාද් රවුෆ් ප්‍රශ්න කිරීමට අවශ්‍ය සැකකරුවෙකු ලෙස මුම්බායි පොලීසිය විසින් නම් කර තිබෙනවා. තරඟ දූෂණ සම්බන්ධයෙන් මුම්බායි පොලීසිය ගොනුකර ඇති චෝදනා පත්‍රය පිටු 11 500 කින් සමන්විත වන අතර මීලඟ නඩු විභාගය නොවැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිතයි.