වීඩියෝ : දෝනිගෙන් තිසරට දැවැන්ත ප්‍රහාරයක්.

Friday, 27 September 2013 - 7:59

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B6%AF%E0%B7%9D%E0%B6%B1%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B6%BB%E0%B6%A7+%E0%B6%AF%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

පන්දු 19 කදී ලකුණු 63 ක් ලබමින් මහේන්ද්‍ර සිං දෝනි දැක්වූ දස්කම් නිසා රන්චි හි ඊයේ (26) පැවති චැම්පියන්ස් ලීග් තරගයෙන් සන්රයිසස් හයිද්‍රාබාද් පිල පරදවා ලකුණු 12 ක ජයක් ලැබීමට චෙන්නායි සුපර්කිංග්ස් කණ්ඩායම සමත්වුණා. පළමුවෙන් පන්දුවට පහර දුන් චෙන්නායි පිල සිය පන්දුවාර 20 තුලදී කඩුලූ 4 ක් දැවී ලකුණු 202 ක් රැස් කළා. දෝනිට අමතරව, සුරේෂ් රයිනා ලකුණු 84 ක් රැස් කිරීමට සමත්වුණා. එහිදී තිසර පෙරේරා යැවූ පන්දුවාර 3 ට චෙන්නායි ක්‍රීඩකයන් ලකුණු 60 ක් ලබා ගැනීම විශේෂත්වයක්. තිසර පෙරේරාගේ එක් පන්දුවාරයකට මහේ්න්ද්‍ර සිං දෝනි ලකුණු 34ක් ලබා ගත්තා. පිළිතුරු වශයෙන් හයිද්‍රාබාද් පිල සිය පන්දුවාර 20 තුලදී කඩුලූ 7 ක් දැවී ලබා ගත්තේ ලකුණු 190 ක් පමණයි. එහිදී ඩැරන් සැමී පන්දු 25 කදී ලකුණු 50 ක් ද, ශ්‍රීකර් දවාන් ලකුණු 48 ක් ද රැස් කළා.

\r\n

\r\n\r\n\r\n\r\n\r\n\r\n\r\n