චැම්පියන්ස් තරග 3ක් විතැන් වේ.

Friday, 27 September 2013 - 20:38

%E0%B6%A0%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C+3%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%9A.



චැම්පියන්ස් ලීග් තරගාවලියේ අහමදාබාද් නුවර පැවැත්වීමට නියමිතව තිබූ තරග 3ක් ඉන් ඉවත් කර ගැනීමට තරග සංවිධායකයින් තීරණය කර තිබෙනවා. මෙම තීරණයට හේතු වී ඇත්තේ එම ප්‍රදේශයට පසුගිය සතියක කාලය පුරා අඛණ්ඩව ඇද හැලෙන වර්ෂාවයි. ඒ අනුව අද (27) අහමදාබාද් හි පැවැත්වීමට නියමිතව තිබූ මුම්බායි ඉන්දියන්ස් සහ ලයන්ස් කණ්ඩායම් අතර තරගය ජායිපූර්වලට රැගෙන ගොස් තිබෙනවා. එමෙන්ම ලබන 30 වන දින එහි පැවැත්වීමට නියමිතව තිබූ තරග දෙකක් ද රංචි නුවරට රැගෙන යාමටයි තරග සංවිධායකයින් තීරණය කර ඇත්තේ. පසුගිය 23 වන දා අහමදාබාද්හි පැවැත්වීමට නියමිතව තිබූ තරග දෙකක් වර්ෂාව හේතුවෙන් එකදු පන්දුවක් හෝ නොයවා අතහැර දැමීමට සිදුවුණා.