UPDATE :වීඩියෝ: මනිලාල් ප්‍රනාන්දුගෙන් අභියාචනාවක්.

Thursday, 10 October 2013 - 8:36

UPDATE+%3A%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B1%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%A0%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති මනිලාල් ප්‍රනාන්දු ජාත්‍යන්තර ක්‍රීඩා විනිශ්චය සභාව හමුවේ අභියාචනාවක් ඉදිරිපත් කිරීමට සූදානම් වනවා. ඒ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් ජීවිතාන්තය දක්වා තමන් වෙත පැනවූ පාපන්දු තහනමට විරෝධය පළ කරමින්. මනිලාල් ප්‍රනාන්දු හිටපු සභාපතිවරයාගේ නීතීඥ කණ්ඩායම නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ සිය සේවාදායකයාට ලබාදී ඇති පාපන්දු තහනම අසාධාරණ එකක් බවයි. මෙම අභියාචනය එංගලන්තයේ රාජ්‍ය නීතීඥ හෝජ් මලික් සහ බැරිස්ටර්වරයෙකු වන ටැබැව්මික් සහ ජනාධිපති නීතීඥ අනිල් තිත්තවැල්ල විසින් ගොනුකිරීමට නියමිතයි.

\r\n

යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 10 සිකුරාදා - පෙරවරු 7.23

\r\n

----------------------------------------------------------------------

\r\n

මනිලාල් ප්‍රනාන්දුට ජීවිතාන්තය දක්වා පාපන්දු තහනමක්.

\r\n

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති මනිලාල් ප්‍රනාන්දුට ජීවිතාන්තය දක්වා පාපන්දුතහනමක් පැනවීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය තීරණය කර තිබෙනවා. මීට පෙර හිටපු සභාපතිවරයාට පාපන්දු ක්‍රීඩාව සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් හෝ ක්‍රියාවක නිරත විය නොහැකි බවට ජගත් පාපන්දු සම්මේලනය ක්‍රීඩා අමාත්‍යාංශයට නිල වශයෙන් දැනුම්දුන්නා. ඉන් අනතුරුව ඔහු විසින් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය හරහා අභියාචනාවක්ද ඉදිරිපත් කළා. කෙසේ වෙතත් එම අභියාචනාවද සළකා බැලීමෙන් අනතුරුවයි ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් මෙලෙස ජීවිතාන්තය දක්වා පාපන්දු තහනමක් පැනවීමට තීරණය කර ඇත්තේ. මනිලාල් ප්‍රනාන්දු පාපන්දු සම්මේලනයේ  හිටපු සභාපතිවරයාව කටයුතු කරන සමයේදී සිදුවූ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයාබැලීමට සිව් පුද්ගල කමිටුවක්ද මීට පෙර ක්‍රීඩා අමාත්‍යාංශය විසින් පත්කර තිබුණා.

\r\n

 

\r\n

\r\n\r\n\r\n\r\n\r\n\r\n\r\n

\r\n

පෙර පුවත  2013 ඔක්තෝබර් 10 බ්‍රහස්පතින්දා- පස්වරු 1:13

\r\n

-------------------------------------------------------------

\r\n

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති මනිලාල් ප්‍රනාන්දුට ජීවිතාන්තය දක්වා පාපන්දු තරඟ තහනමක් පැනවීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය තීරණය කර තිබෙනවා.

මීට පෙර හිටපු සභාපතිවරයාට පාපන්දු ක්‍රීඩාව සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් හෝ ක්‍රියාවක නිරත විය නොහැකි බවට ජගත් පාපන්දු සම්මේලනය ක්‍රීඩා අමාත්‍යාංශයට නිල වශයෙන් දැනුම්දුන්නා. ඉන් අනතුරුව ඔහු විසින් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයට හරහා අභියාචනාවක්ද ඉදිරිපත් කළා. කෙසේ වෙතත් එම අභියාචනාවද සළකා බැලීමෙන් අනතුරුවයි ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් ජීවිතාන්තය දක්වා පාපන්දු තරඟ තහනමක් පැනවීමට තීරණය කර ඇත්තේ. ජගත් පාපන්දු සම්මේලනයේ තහනමකට ලක්ව සිටින මනිලාල් ප්‍රනාන්දුගේ පරිපාලන සමයේදී සිදුවූ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීමට සිව් පුද්ගල විනිසුරු කමිටුවක් ක්‍රීඩා අමාත්‍යාංශය මීට පෙර පත්කළා.

\r\n

පෙර පුවත 2013 ඔක්තෝබර් 10 බ්‍රහස්පතින්දා - පෙරවරු 08:59

\r\n

----------------------------------------------------------------------------------------

\r\n

මනිලාල් ප්‍රනාන්දුට ජීවිතාන්තය දක්වා පාපන්දු තහනමක්.

\r\n

 

\r\n

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති මනිලාල් ප්‍රනාන්දුට ජීවිතාන්තය දක්වා පාපන්දු තරඟ තහනමක් පැනවීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය තීරණය කර තිබෙනවා.

\r\n

පෙර පුවත 2013 ඔක්තෝබර් 10 බ්‍රහස්පතින්දා - පෙරවරු 08:36