UPDATE: වීඩියෝ : අනාගතයේ එන විශාල ප්‍රශ්නයක් ගැන සිතා සමුගත්තා - දිල්ෂාන්.

Thursday, 10 October 2013 - 13:16

UPDATE%3A+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B6%85%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%91%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8F%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+-+%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A.

අනාගතයේදී එන අර්බුදයක් ගැන සිතා තමා ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් සමුගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන තිලකරත්න ඩිල්ෂාන් ප්‍රකාශ කළා. ඔහු මේ බව සඳහන් කළේ ටෙස්ට් පිටියෙන් සමුගැනීම පිළිබඳ නිල වශයෙන් ප්‍රකාශ කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. ටෙස්ට් කණ්ඩායමේ පැරණි ක්‍රීඩකයන් තුන් දෙනාම එකවර ක්‍රීඩාවෙන් සමුගතහොත් ගැටළුකාරී තත්ත්වයකට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම පත්වන බැවින් තමන් මෙම තීරණය ගත් බවයි ඔහු ප්‍රකාශ කළේ.

වසර 14 ක් අතීතයට දිව යන සිය ක්‍රිකට් දිවියේ අමතක නොවන දිනයන් සම්බන්ධයෙන් මෙහිදී ඩිල්ෂාන් අදහස් පළ කළේ හැඟුම්බරවයි. 1999 වසරේ මංගල ටෙස්ට් තරගයට සහභාගී වූ ඩිල්ෂාන් ටෙස්ට් තරග 87 කදී ලකුණු 5492 ක් රැස්කරගෙන සිටිනවා. ශතක 16 ක් ඊට ඇතුළත් වන අතර ඔහු රැස්කරගත් වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව 193 ක්. ඩිල්ෂාන් ටෙස්ට් කඩුළු 39 ක්ද බිඳ හෙළීමට සමත් වී සිටිනවා. ක්‍රීඩා විචාරකයන් පෙන්වා දෙන්නේ ඩිල්ෂාන්ගේ සමුගැනීමත් සමග ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට ඔහුගේ ආක්‍රමණශීලි පිතිහරඹය අහිමි වන බවයි.

ඉදිරියේදී දේශපාලනයට පිවිසෙන්නේ දැයි මෙහිදී මාධ්‍යවේදියෙකු ඩිල්ෂාන්ගෙන් ප්‍රශ්න කර සිටියා. එහිදී ඔහු කියා සිටියේ ඊට තමන් සූදානම් නොමැති බවයි.

\r\n

 

\r\n

\r\n\r\n\r\n\r\n\r\n\r\n\r\n

\r\n

යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 10 බ්‍රහස්පතින්දා- පස්වරු 7:45

\r\n

-------------------------------------------------------

\r\n

පෙර පුවත 2013 ඔක්තෝබර් 10 බ්‍රහස්පතින්දා- පස්වරු 01:16

\r\n

නවකයෙකුට අවස්ථාව දීමට ටෙස්ට් දිවියෙන් සමුගන්නවා. ඩිල්ෂාන්.

\r\n

නවකයෙකුට අවස්ථාව දීම සඳහා තමා ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් සමුගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන තිලකරත්න දිල්ෂාන් පවසනවා. කොළඹ අද (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ  තීරණයක් ගැනීමේදී එය තමාට පමණක් නොව රටටද වැදගත් විය යුතු බවයි. රටේ අනාගත ක්‍රිකට් ගැන සිතිය යුතු බවද ඔහු මෙහිදී ප්‍රකාශ කළා.

\r\n

\r\n\r\n\r\n\r\n\r\n\r\n\r\n