තෙන්ඩුල්කාර් ක්‍රිකට් පිටියෙන් සමුගැනීම ප්‍රකාශයට පත් කරයි.

Thursday, 10 October 2013 - 17:03

%E0%B6%AD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.

ඉන්දියාවෙන් බිහි වූ ලොව සාර්ථකම පිතිකරුවා ලෙස සැලකිය හැකි සචින් තෙන්ඩුල්කාර් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීම අද (10) ප්‍රකාශයට පත් කළා. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මගින් ප්‍රසිද්ධ කෙරුණු ඔහුගේ ලිපියෙන් දක්වා ඇත්තේ ලබන මස පැවැත්වෙන සිය 200 වන ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් පසු තෙන්ඩුල්කාර් ක්‍රිකට් දිවියෙන් සමු ගැනීමට සූදානම් බවයි. වයස අවුරුදු 11 සිට පිටියේ රැඳුනු තමාට ක්‍රිකට්වලින් තොර ජීවිතයක් ගැන සිතීම පවා දුෂ්කර බවයි තෙන්ඩුල්කාර් සඳහන් කර ඇත්තේ. ටෙස්ට් සහ එක්දින ජාත්‍යන්තර තරඟවලදී ලොව වැඩිම සංඛ්‍යාවක් රැස් කර ගෙන ඇති තෙන්ඩුල්කාර් ටෙස්ට් තරඟ 198 කදී ලකුණු 15,837 ක් සහ එක්දින තරඟ 463 කදී ලකුණු 18,426 ක් රැස් කරගෙන සිටිනවා. ජාත්‍යන්තර ක්‍රිකට් ශතක සියයක් රැස් කර ගත් ලොව පළමු ක්‍රිකට් ක්‍රීඩකයා වන්නේ ද සචින් තෙන්ඩුල්කාර්.