රාජ්කෝට්හිදී කැංගරුවන්ට පරාජයක්.

Friday, 11 October 2013 - 8:33

%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B7%90%E0%B6%82%E0%B6%9C%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

සංචාරක  ඕස්ට්‍රේලියානු පිල සහ ඉන්දියාව අතර, රාජ්කෝට්හි ඊයේ (10) පැවති විස්සයි විස්ස තරඟයෙන් කඩුලූ 6 ක ජයක් ලැබීමට ඉන්දියාව සමත්වුණා. පළමුවෙන් පන්දුවට පහරදුන්  ඕස්ට්‍රේලියානු පිල සිය පන්දුවාර 20 තුලදී කඩුලූ 7 ක් දැවී ලකුණු 201 ක් රැස් කළා. එහිදී ඒරන් ෆින්ච් පන්දු 52 කදී ලකුණු 89 ක් රැස් කළා. පිළිතුරු වශයෙන් ඉන්දියාව පන්දුවාර 19 යි පන්දු 4 කදී කඩුලූ 4 ක් දැවී ලකුණු 202 ක් ලබමින් තරඟයේ ජය හිමි කර ගත්තා. එහිදී යුවරාජ් සිං පන්දු 35 කදී 6 පහර 5 ක් සමඟින් නොදැවී ලකුණු 77 ක් රැස් කිරීමට සමත්වුණා.