ඉන්දියාවට දැවැන්ත ජයක්.

Thursday, 17 October 2013 - 7:54

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%AF%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.



 ඕස්ට්‍රේලියාව සමඟ ඊයේ පැවති දෙවන එක්දින තරගයෙන් කඩුළු 09 ක විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. ජායිපූර් හි පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන්  ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර පනහ අවසානයේ කඩුළු 05 ක් දැවී ලකුණු 359 ක දැවැන්ත ඉලක්කයක් ඉන්දීය කණ්ඩායමට ලබා දුන්නා. ඉන්දීය කණ්ඩායම ලකුණු 362 ක් ලබා තරගය ජයග්‍රහණය කළේ පන්දුවාර 43 යි පන්දු 03 කදී එක් කඩුල්ලක් පමණක් දැවී ගොස් තිබියදීයි. ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් රෝහිත් ශර්මා නොදැවී ලකුණු 141 ක් රැස්කළ අතර, විරාට් කෝලි පන්දු 52 කදී ශතකයක් වාර්තා කළා. ෂිකර් දවාන් ලකුණු 95 ක් ලබා ගත්තා.