මැලේසියාවේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් තුනක්.

Sunday, 20 October 2013 - 13:22

%E0%B6%B8%E0%B7%90%E0%B6%BD%E0%B7%9A%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A.

මැලේසියාවේ පැවැති මැලේසියානු විවෘත මලල ක්‍රීඩා තරගාවලියේදී රන් පදක්කම් 3ක් සහ රිදී පදක්කම් 2ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඊයේ සමත් වුණා. මීටර් 400 කාන්තා තරග ඉසව්වෙන් චන්ද්‍රිකා සුභාෂිණී රන් පදක්කම දිනා ගත්තේ තත්ත්පර 52යි දශම 86ක කාලයකින්. ඊට අමතරව ඇය මීටර් 200 ඉසව්වේ ද රන් පදක්කම දිනා ගත්තා. ශ්‍රී ලංකාවේ කසුන් කල්හාර මීටර් 400 පිරිමි තරග ඉසව්වේ රන් පදක්කම දිනා ගත් අතර, මීටර් 200 ඉසව්වේ ද ඔහු රිදී පදක්කම දිනා ගත්තා. උස පැනීමේ තරග ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩක මංජුල කුමාර රිදී පදක්කම දිනා ගත්තේ මීටර් 2යි දශම 15ක දක්ෂතාවක් දක්වමින්.