තෙන්ඩුල්කාර් නමින් ක්‍රීඩාංගනයක්.

Wednesday, 23 October 2013 - 13:18

%E0%B6%AD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B1%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F%E0%B6%82%E0%B6%9C%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

සිය 200 වන ටෙස්ට් ක්‍රිකට් තරගයත් සමග ටෙස්ට් දිවියෙන් සමු ගන්නා ඉන්දීය සුපිරි ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් නමින් ක්‍රීඩාංගනයක් නම් කිරීමට තීරණය කර තිබෙනවා. තෙන්ඩුල්කාර් සිය 200 වන ටෙස්ට් ක්‍රිකට් තරගයට මුහුණ දෙන්නේ බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිවයි. තරගය නොවැම්බර් මස 14 වැනිදා සිට 18 වැනිදා දක්වා මුම්බායි - වන්කඬේ ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා. මෙම තරගය සඳහා නිකුත් කෙරෙන ටිකට්පත්වල සචින් තෙන්ඩුල්කාර්ගේ රූපය ද ඇතුළත් කිරීමටයි තරග සංවිධායකයින් තීරණය කර ඇත්තේ. ඊට අමතරව එම තරගයේ ටිකට්පත් මිලදී ගන්නා ක්‍රීඩාලෝලීන්ට තෙන්ඩුල්කාර්ගේ තොරතුරු ඇතුළත් සමරු පොතක් සහ ඡායාරූපයක් ද හිමිවනවා. මේ අතර, තෙන්ඩුල්කාර් සහභාගි වන 200 වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ටිකට්පත් 500 ක් ඔහුගේ ඥාතීන් වෙනුවෙන් ලබාදීමටද තරග සංවිධායකයින් තීරණය කර තිබෙනවා.