ජමෙයිකාවට රතු එළියක්.

Wednesday, 23 October 2013 - 13:17

%E0%B6%A2%E0%B6%B8%E0%B7%99%E0%B6%BA%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BB%E0%B6%AD%E0%B7%94+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.


 

ජමෙයිකාව තහනම් උත්තේජක පිළිබඳ ජාත්‍යන්තර නීති නිසි පරිදි ඇගයීමට ලක් නොකිරීම හේතුවෙන් එරට මළල ක්‍රීඩාව ජාත්‍යන්තරය තුළ තහනම් කිරීමේ අවදානමක් මතුව තිබෙනවා. ජාත්‍යන්තර තහනම් උත්තේජක පිළිබඳ ඒජන්සිය ප්‍රකාශ කළේ පසුගිය ඔලිම්පික් තරඟාවලියට මාස 5 කට පෙර සිට ජමෙයිකාව එරට ක්‍රීඩකයන් තහනම් උත්තේජක පරීක්ෂාවට ලක් කර නොමැති බවයි. මෙය ජාත්‍යන්තර නීති උල්ලංඝනය කිරීමක් බවයි එම ඒජන්සිය පෙන්වා දෙන්නේ. මෙම තත්ත්වය තුළ ජමෙයිකාව මළල ක්‍රීඩා තහනමකට ලක්වුවහොත්, ඉදිරියේදී පැවැත්වෙන ප්‍රධාන පෙලේ තරගාවලි සඳහා උසේන් බෝල්ට් ඇතුළු සුපිරි මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසකට ජාත්‍යන්තර තරඟ අහිමිවනු ඇති.