දෝනිගේ නිවසට ප්‍රහාරයක්.

Thursday, 24 October 2013 - 13:17

%E0%B6%AF%E0%B7%9D%E0%B6%B1%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.



ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝණිගේ රංචි හි පිහිටි නිවසට ගල්මුල් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. හඳුනා නොගත් පුද්ගලයන් පිරිසක් විසින් ඊයේ (23) රාත්‍රියේ මෙම ප්‍රහාරය එල්ලකර ඇති බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ. ප්‍රහාරයෙන් නිවසේ ජනේල කිහිපයකට හානි සිදුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් තවමත් පැමිණිල්ලක් ඉදිරිපත්ව නොමැති අතර සී සී ටී වී කැමරාවල පටිගතවී ඇති දර්ශන නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අදාළ පැමිණිලි කිරීම සිදුකරන බවයි දෝණිගේ පවුලේ ඥාතීන් සඳහන් කර ඇත්තේ. නිවසට ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ කිසිවෙකුත් එහි සිට නොමැති අතර මෙම ප්‍රහාරය හා ඊයේ පැවති ක්‍රිකට් තරඟය අතර  සම්බන්ධයක් පවතීද යන්න පරීක්ෂණ පැවැත්වෙනවා. ඊයේ එල්ලවූ මෙම ප්‍රහාරය දෝණිගේ නිවසට එල්ලවූ පස්වන ප්‍රහාරයද වනවා.

සංචාරක  ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර රංචි හි ඊයේ පැවති තරඟය අයහපත් කාලගුණය හේතුවෙන් අතහැර දැමුණා. තරඟය නතර කරන විට  ඕස්ට්‍රේලියාව ලබාගත් ලකුණු 296 ඉලක්කය හඹා ගිය ඉන්දියාව පන්දුවාර 4 යි එක් පන්දුවකදී ලකුණු 27 ක් ලබා සිටියා. මෙතෙක් පැවති එක්දින තරඟ 4 න් දෙකට එකක් ලෙස පෙරමුණේ පසුවන්නේ   ඕස්ට්‍රේලියාවයි.

\r\n