ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව අද පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබූ අතර, ඒ සම්බන්ධයෙන් පැවති විවාදයෙන් අනතුරුව සංශෝධන සහිතව මෙම පනත් කෙටුම්පත සම්මත වී තිබෙනවා.