පූනේ වොරියර්ස්ට අයි.පී.එල්. අහිමි වෙයිද ?

Saturday, 26 October 2013 - 19:47

%E0%B6%B4%E0%B7%96%E0%B6%B1%E0%B7%9A+%E0%B7%80%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%BB%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%B4%E0%B7%93.%E0%B6%91%E0%B6%BD%E0%B7%8A.+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92%E0%B6%AF+%3F

ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරන පූනේ වොරියස් කණ්ඩායමේ අයි.පී.එල් සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ ඔවුන් ලබන වසරේ අයි.පී.එල්. තරගාවලිය සඳහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට ගෙවිය යුතු ඇප මුදල් මේ දක්වා තැන්පත් නොකිරීම නිසා මෙම තීරණය ගෙන ඇති බවයි. ඒ අනුව මීළඟ අයි.පී.එල් තරගාවලියට එක්වීමට නම් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත පූනේ වොරියස් කණ්ඩායම බිලියන 1 යි දශම 7 කට අධික මුදලක් ගෙවිය යුතු වනවා. ඒ සඳහා ඔවුන්ට දින 30 ක කාලයක් හිමිවන බවයි වාර්තා වන්නේ.