ක්‍රිකට් පුහුණුකරු අයදුමෙන් එංගලන්ත පුහුණුකරුවන් දෙදෙනෙකු ඉවත් වේ.

Wednesday, 30 October 2013 - 13:19

%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%9A.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාර ධුරයට අයදුම් කර සිටි එංගලන්ත පුහුණුකරුවන් දෙදෙනෙකු ඉන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා. ඒ, ලැන්කෂයර් කණ්ඩායමේ පුහුණුකරු පීටර් මුවර්ස් සහ යෝක්ෂයර් කණ්ඩායමේ සහය පුහුණුකරු පෝල් ෆ‍්‍රාබේස්. ඔවුන් දෙදෙනා දැනට රාජකාරි කරන කණ්ඩායම් දෙකෙන් තවත් වසරක කොන්ත්‍රාත් කාලයක් ලබාදීම මෙම තීරණයට හේතුව බව සඳහන්. පෝල් ෆ‍්‍රාබේස් කලක් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ ටෙ‍්‍රවර් බේලිස්ගේ සහය පුහුණුකරු ලෙස කටයුතු කළා. පීටර් මුවර්ස් සහ පෝල් ෆ‍්‍රාබේස් එංගලන්තයේ ප්‍රධාන පෙලේ පුහුණුකරුවන් දෙදෙනෙක් වන අතර, ඔවුන් අසූව දශකයේ ප්‍රාන්ත ක්‍රිකට් තරගවලදී සුවිශේෂී දක්ෂතා දක්වා තිබෙනවා. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ ජාතික කණ්ඩායමේ පුහුණුකාර ධුරය සඳහා තවත් විදේශීය පුහුණුකරුවන් කිහිප දෙනෙක් අයදුම් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි. ශ්‍රී ලංකාවේ වත්මන් පුහුණුකරු ග්‍රැහැම් ෆෝඞ්ගේ සේවා කාලය ලබන වසරේ පෙබරවාරි මාසයෙන් අවසන් වීමට නියමිතයි.