වීඩියෝ : ශ්‍රී ලංකා රග්බි පිළ පෝලන්තය පරදයි.

Saturday, 02 November 2013 - 7:30

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%BB%E0%B6%9C%E0%B7%8A%E0%B6%B6%E0%B7%92+%E0%B6%B4%E0%B7%92%E0%B7%85+%E0%B6%B4%E0%B7%9D%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B6%AF%E0%B6%BA%E0%B7%92.
සෙරන්ඩිබ් කුසලාන ජාත්‍යන්තර තුන්කොන් රග්බි තරගාවලියේ අනුශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (01) සමත් වුණා. ඒ, ප්‍රබල පෝලන්ත කණ්ඩායම එක් ලකුණකින් පරාජය කරමින්. කොළඹ තුරඟ තරඟ නව රග්බි පිටියේ පැවැත්වුණු තරගයේ පළමු මිනින්තු 20 නිමා වන විට පෝලන්ත ක්‍රීඩකයන් 7ට 0ක් ලෙස පෙරමුණේ පසුවුණා. පසුව ප්‍රවේගකාරී තරග රටාවක නිරත වූ ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම පළමු අර්ධය අවසන් වන විට ලකුණු 13ක් ලබා සිටියා. කෙසේ වෙතත්, ඒ වන විටත් පෝලන්තය ඉදිරියෙන් පසුවුණේ ලකුණු 15ක් ලබා ගනිමින්. තරගය අවසන්වීමට මිනිත්තු 5ක් තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායම දඩුවම් පහරකින් සිය ලකුණු තත්ත්වය 26 දක්වා ඉහළ නංවා ගැනීමට සමත් වූ අතර, පෝලන්ත කණ්ඩායම ලබා ගත්තේ ලකුණු 25ක් පමණයි. ඒ අනුව ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලංකාව පෝලන්ත රග්බි කණ්ඩායම පරාජය කරමින් මෙම තරගාවලියේ අනුශූරතාව දිනා ගත්තා. මෙම තරගාවලියේ ශූරතාවය ලබා ගත්තේ මීට පෙර පැවැති තරග දෙකම ජයග්‍රහණය කළ මැඩගස්කර් කණ්ඩායමයි.