වීඩියෝ: රෝහිත් ශර්මාගෙන් සුපිරු ඉනිමක්.

Saturday, 02 November 2013 - 19:18

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B7%81%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B6%89%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.

ඉන්දියාව සහ  ඕස්ට්‍රේලියාව අතර 07 වන එක්දින තරගය දැන් බැංගලෝර් හිදී පැවැත්වෙනවා. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර පනහ අවසානයේ කඩුළු 06 ක් දැවී ලකුණු 383 ක් රැස්කළා. ප්‍රහාරාත්මක පිතිකරණයක නිරත වූ රෝහිත් ශර්මා ලකුණු 209 ක් රැස්කළේ ලොව එක්දින ඉනිමකදී වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයන් අතර දෙවන ස්ථානයට පත්වෙමින්. එහි පළමු තැන ඉන්දීය කණ්ඩායමේම විරේන්ද්‍ර ශෙවාග්ට හිමිව ඇති අතර, ඔහු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 219 ක්. පන්දු 157 කදී රෝහිත් ශර්මා අද (02) ලබාගත් ලකුණු 209 ට හයේ පහර 16 ක් සහ හතරේ පහර 12 ක් ඇතුළත්. එක්දින ඉනිමකදී වැඩිම හයේ පහර සංඛ්‍යාවක් එල්ල කළ ක්‍රීඩකයා ලෙසද අද දිනයේදී රෝහිත් ශර්මා වාර්තා පොතට එක්වුණා.