සචින් බලන්න ෂාරුක් කොල්කටාවට.

Friday, 08 November 2013 - 8:33

%E0%B7%83%E0%B6%A0%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%82%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%9A%E0%B6%A7%E0%B7%8F%E0%B7%80%E0%B6%A7.
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර කොල්කටා හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ඊයේ දෙවන දිනයට නිමාවනවිට ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලූ 6 ක් දැවී ලකුණු 354 ක් ලබා සිටියා. ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් සිය මංගල ටෙස්ට් තරඟයට සහභාගි වෙමින් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ රෝහිත් ෂර්මා නොදැවී ලකුණු 127 ක් ද, රවිචන්ද්‍රන් අශ්වින් නොදැවී ලකුණු 92 ක්ද ලබාගැනීමට සමත්වුණා. මේ අතර සිය 199 වන ටෙස්ට් තරඟයට සහභාගි වන සචින් තෙන්ඩුල්කාර්ට මෙම ඉනිමේදී ලබාගත හැකිවූයේ ලකුණු 10ක් පමණයි. තරඟයේ මුලින්ම පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලූ දෙනා දැවී ලකුණු 234 ක් ලබාගත්තා.

 

මේ අතර මෙම තරඟය නැරඹීම සඳහා ලබන 10 වැනිදා කොල්කටා හි ඊ්ඞ්න් ගාඞ්න් ක්‍රීඩාංගණයට සුපිරි බොලිවුඞ් නළු ෂාරුක් ඛාන් පැමිණීමට නියමිත බවයි වාර්තාවන්නේ. ඒ, සචින් තෙන්ඩුල්කාර්ගේ 199 වන ටෙස්ට් තරඟය දැකබලාගැනීමේ අරමුණින්. මුම්බායි හි වන්කඬේ ක්‍රීඩාංගණයට ෂාරුක් ඛාන්ට ඇතුල්වීමේ තහනමක් පවතින හෙයින් මෙලෙස කොල්කටා ක්‍රීඩාංගණයට පැමිණීම සිදුවී තිබෙනවා. සචින් තෙන්ඩුල්කාර් සහභාගිවන අවසන් ටෙස්ට් තරඟය පැවැත්වෙන්නේ ලබන 14 වැනිදා මුම්බායි හි වන්කඬේ ක්‍රීඩාංගණයේදියි.


එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අයර්ලන්තය සමඟ තරඟාවලියකට සූදානමින්
Tuesday, 14 July 2020 - 21:22

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව මේ වනවිට පැවැත්වෙන... Read More

හිතවතුන් වෙනුවෙන් තීන්දු වෙනස් කළ බවට දයාසිරිට සහ හරින්ට චෝදනා (වීඩියෝ)
Tuesday, 14 July 2020 - 15:06

ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ නිලවරණය... Read More

IPL ප්‍රධාන මෙහෙයුම් නිලධාරී හේමන්ග් අමින්ට, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලොකු පුටුවක්
Tuesday, 14 July 2020 - 13:57

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රධාන මෙහෙයුම්... Read More