ඉන්දියාවට ඉනිමක ජයක්.

Friday, 08 November 2013 - 19:36

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%89%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B6%9A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග කොල්කටා හි පැවැති පළමු ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 51කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම අද (08) සමත් වුණා. පෙරේදා ආරම්භ වූ තරගයේ තුන්වන දිනය වන අද (08) ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිම අවසන් කළේ සියලූ දෙනා දැවී ලකුණු 453ක් ලබා ගනිමින්. රෝහිත් ශර්මා එහිදී ලකුණු 177ක් රැස් කළ අතර, රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 124ක් ලබා ගත්තා. කොදෙව් කණ්ඩායම පළමු ඉනිමේ දී ලබා ගත්තේ ලකුණු 234ක් පමණයි. කොදෙව් කණ්ඩායමේ දෙවන ඉනිම ලකුණු 168කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නන් අද සමත් වුණා. කොදෙව් පළමු ඉනිමේ කඩුලූ 4ක් බිද හෙලූ  මොහොමඞ් ෂාමි දෙවන ඉනිමේ දී ද කඩුලූ 5ක් බිද හෙලූවා.


මෙවර ඔලිම්පික් කාලගණනය නැහැ
Friday, 05 June 2020 - 8:17

කොවිඩ්-19 ගෝලීය වසංගතය නිසා කල් දමනු ලැබූ ඔලිම්පික් උළෙලට වසරක්... Read More

ඉන්දීය - ශ්‍රී ලංකා තරඟ සංචාරයත් කල් යයි
Thursday, 04 June 2020 - 19:53

ලබන ජූලි මාසයේ සැලසුම් කර තිබූ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී... Read More

ICC ක්‍රිකට් කමිටුවේ සභාපතිගෙන් යෝජනාවක්
Thursday, 04 June 2020 - 13:13

ක්‍රිකට් තරඟවලදී පන්දුව ඔප දැමීම සඳහා මිනිස් ඛේටය යොදා ගත... Read More