Update :නවසීලන්තයට වැස්ස බාධාවක්.

Sunday, 10 November 2013 - 21:25

Update+%3A%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.
සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඊයේ පැවති  පළමු එක්දින තරඟය අතහැර දැමීමට විනිසුරුවරුන් තීරණය කළා. ඒ, තරඟයට වර්ෂාවෙන් බාධා එල්ලවීමත් සමගයි. තරඟයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබාදුන්නා. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ කඩුලූ 9 ක් දැවී ලකුණු 288 ක් රැස් කළා. එහිදී ඩිල්ෂාන් ලකුණු 81 ක්ද, සංගක්කාර ලකුණු 79 ක් සහ නායක ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 74 ක්ද රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි නවසීලන්තය පන්දුවාර 4 යි පන්දු දෙකකදී ලකුණු  13 ක් ලබා සිටියදී ක්‍රීඩා පිටියට වර්ෂාව පතිත වුණා. මේ හේතුවෙන් තීරණයකින් තොරව තරඟය අතහැර දැමීමටයි විනිසුරුවරුන් තීරණය කළේ. දෙරට අතර පැවැත්වෙන දෙවන එක් දින තරඟය  හෙට  හම්බන්තොටදී පැවැත්වීමට නියමිතයි.

Update : Monday, 11 November 2013 - 7:47
---------------------------------------------------------------------------------------------------------------------
පළමු එක්දින තරගයට වර්ෂාවෙන් බාධා.

Sunday, 10 November 2013 - 21:25

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා. ඒ අනුව නවසීලන්ත කණ්ඩායම පන්දු වාර 4යි පන්දු 2කදී එක් කඩුල්ලක් දැවී ලකුණු 13ක් ලබා සිටියදී තරගය නතර කිරීමට තරග විනිසුරුවන් පියවර ගත්තා. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිළ කඩුලූ 9ක් දැවී ලකුණු 288ක් රැස් කළා.


ලෝක කුසලාන සත්කාරකත්වය ගැන අයි.සී.සී.යෙන් ඉන්දීය ක්‍රිකට් මණ්ඩලයට දැනුම්දීමක්
Wednesday, 27 May 2020 - 13:22

ලෝක කුසලාන තරගාවලිය වෙනත් රටක පැවැත්වීමේ තීරණය තමන්ට ගැනීමට... Read More

කොරෝනා නිසා වැසුණු ක්‍රීඩාවට යළි පණ එයි
Wednesday, 27 May 2020 - 8:16

කොරෝනා වෛරසය හේතුවෙන් අතරමග නතරවු මෙරට ක්‍රීඩා ක්‍ෂේත්‍රය... Read More

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සියලුදෙනා වෛද්‍ය පරීක්ෂණයකට
Tuesday, 26 May 2020 - 20:13

ඉදිරියේදී ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයන් සියලූදෙනා... Read More