Update : වීඩීයෝ : ඔලිම්පික් කමිටුව සහ අමාත්‍යාංශය අතර උණුසුම තවත් වැඩිවේ.

Tuesday, 19 November 2013 - 19:37

Update+%3A+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B6%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B7%9A.
ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක සභාවේ අනුමැතියකින් තොරව එහි සභාපති හේමසිරි ප්‍රනාන්දු ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට යැවූ ලිපිය පිළිබඳව ඔලිම්පික් සංගම්වල ප්‍රධානීන් විරෝධය පළ කරන බව ක්‍රීඩා අමාත්‍යාංශය ප්‍රකාශ කළා.  මීට අදාළව ජාතික ඔලිම්පික් කමිටුවට අයත් වන ක්‍රීඩා සංගම් 24 ක ප්‍රධානීන් ඊයේ ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ සමග සාකච්ඡාවක්ද පවත්වා තිබෙනවා. එහිදී ඔවුන් සඳහන් කර ඇත්තේ ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා විසින්. ජගත් ඔලිම්පික් කමිටුවට යැවූ ලිපිය අත්තනෝමතික කටයුත්තක් බවයි. ඒ අනුව ක්‍රීඩා අමාත්‍යාංශයට සහයෝගය පළ කිරීම සම්බන්ධයෙන් වන ලිපි ඉදිරි දින දෙක තුළ ලබාදෙන බවද ඔවුන් සඳහන් කර තිබෙනවා. පාපන්දු සම්මේලනය, බැඞ්මින්ටන් සංගමය, ජල ක්‍රීඩා සංගමය, දුනු ශිල්ප සංගමය ඇතුලූ ඔලිම්පික් කමිටුවට අනුබද්ධ ක්‍රීඩා සංගම් 24 ක නියෝජිතයන් මෙම සාකච්ඡාවට සහභාගි වුණා.


ජාතික ඔලිම්පික් කමිටුව සහ ක්‍රීඩා අමාත්‍යාංශය අතර මෙම ගැටළුව මතුවුණේ ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා විසින් එහි ස්වාධීනත්වයට බලපෑම් සිදුවන බවට සඳහන් කරමින් ජගත් ඔලිම්පික් කමිටුවට යැවූ ලිපියක් හේතුවෙන්.

 
1973 අංක 25 දරණ ක්‍රීඩා පනතේ අඩංගු කරුණු ඔහු එහිදී අභියෝගයට ලක් කර තිබුණා. ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේගේ අදහස වී ඇත්තේ ඔලිම්පික් කමිටුවට රජයෙන් මුදල් ලබාදෙන්නේ නම් එම කටයුතු විගණකාධිපතිවරයාගේ අධීක්ෂණයට ලක්විය යුතු බවයි.

Update : Wednesday, 20 November 2013 - 8:18 AM
---------------------------------------------------------
ජාතික ඔලිම්පික් කමිටුවට වැඩ වරදින ලකුණු.

ක්‍රීඩා පනත අභියෝගයට ලක් කරමින් ජාතික ඔලිම්පික් කමිටුව, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව වෙත යැවූ ලිපියට රටක් වශයෙන් පිළිතුරු ලබාදෙන බව ක්‍රීඩා අමාත්‍යාංශය ප්‍රකාශ කළා. ඊට අදාළව කරුණු පැහැදිළි කිරීම සඳහා මේ මස 27 වැනිදා ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ විශේෂ හමුවට තමන් සහභාගි වන බවයි ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ. ජාතික ඔලිම්පික් කමිටුවේ මෙම ක්‍රියා කලාපය හේතුවෙන් ඔලිම්පික් කමිටුව යටතේ පවතින ක්‍රීඩා සංගම් 24 ක් සඳහා මුදල් ලබාදීම පිළිබඳව යම් තීරණයක් ඉදිරියේදී ගැනීමට සිදුවිය හැකි බවද ක්‍රීඩා අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වුණා.

එහි වැඩිදුරටත් දැක්වුණේ 1973 අංක 25 දරණ ක්‍රීඩා පනත සහ එහි රෙගුලාසි අභියෝගයට ලක් කරමින් ජාතික ඔලිම්පික් කමිටුව මෙම ලිපිය යවා ඇති බවයි. ක්‍රීඩාව පෝෂණය කිරීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් ලබාදෙන මුදල් විගණකාධිපතිවරයගේ අධීක්ෂණයට ලක් කිරීම දේශපාලන බලපෑමක් ලෙසට එම ලිපියෙන් සඳහන් කර ඇති බව අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන්. එසේම ක්‍රීඩා සංගම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඔලිම්පික් කමිටුවේ විධායක කමිටු රැස්වීම්වලට සහභාගිවීම සම්බන්ධයෙන්ද ජාතික ඔලිම්පික් කමිටුව ගැටළු මතුකර තිබෙනවා. රජයේ මුදල් භාවිතය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව විසින් විගණකාධිපතිවරයාට බලය පවරා ඇති බව ක්‍රීඩා අමාත්‍යාංශයේ අදහසයි. එසේම ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට ජාතික ඔලිම්පික් කමිටුව යැවූ මෙම ලිපිය හේතුවෙන් රටේ කීර්තිනාමයටද බලපෑමක් ඇතිවිය හැකි බව එම අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.

කෙසේ වෙතත් ජාතික ඔලිම්පික් කමිටුව තමන් වෙත පවතින බලපෑම් සම්බන්ධයෙන් කරුණු දක්වමින් යැවූ මෙම ලිපියට අදාළව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ලිඛිත කරුණු විමසීමක්ද පසුගියදා සිදුකර තිබුණා. ක්‍රීඩා අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ ජාතික ඔලිම්පික් කමිටුව ස්ථාපිත කර ඇති භූමියද තම අමාත්‍යාංශයට අයත් බවයි. එහි ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 50 ක මුදලක් ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ලබාදී තිබෙනවා. විදේශ සංචාර සඳහා සහභාගි වන ක්‍රීඩික ක්‍රීඩිකාවන්ට මෙන්ම ඔලිම්පික් කමිටුවේ නිලධාරීන්ටද මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට තමන් කටයුතු කළ බවයි ක්‍රීඩා අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ. එම මුදල් විගණනය කිරීම පිළිබඳව වසර 40 කට පසු ගැටළුවක් පැන නැගීම පුදුමයට කරුණක් බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් පසුගියදා ප්‍රකාශ කළා.




ICC ක්‍රිකට් කමිටුවේ සභාපතිගෙන් යෝජනාවක්
Thursday, 04 June 2020 - 13:13

ක්‍රිකට් තරඟවලදී පන්දුව ඔප දැමීම සඳහා මිනිස් ඛේටය යොදා ගත... Read More

කළු ජාතිකයන්ට සිදුවන අපහසුතා ගැන ඩැරන් සාමි කථා කරයි
Thursday, 04 June 2020 - 9:09

ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත කළු ජාතිකයන්ට සිදුවන අපහසුතා සම්බන්ධයෙන්... Read More

එංගලන්ත - කොදෙව් ටෙස්ට් තරඟාවලිය ජූලි 8 වනදා සිට
Wednesday, 03 June 2020 - 19:52

එංගලන්ත කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරග තුනකින්... Read More