අයි.සී.සී.ට ඉයන් චැපල්ගෙන් දෝෂාරෝපණයක්.

Wednesday, 20 November 2013 - 12:59

%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B7%83%E0%B7%93.%E0%B7%83%E0%B7%93.%E0%B6%A7+%E0%B6%89%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%90%E0%B6%B4%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%9D%E0%B7%82%E0%B7%8F%E0%B6%BB%E0%B7%9D%E0%B6%B4%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනය අද (20) පරිපාලනය අතින් දුර්වල ආත්මාර්ථය මුල් කර ගත් ආයතනයක් බවට පත්ව ඇතැයි හිටපු  ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායක ඉයන් චැපල් පවසනවා. එමෙන්ම, දූෂණය මැඩලීමට ක්‍රිකට් සම්මේලනය දැඩි පියවර ගත යුතු බවයි බ්‍රිස්බෙන් නුවරදී ඉයන් චැපල් ඊයේ ප්‍රකාශ කළේ. ක්‍රිකට් ක්‍රීඩාව සහ ව්‍යාපාරික අරමුණු අතර යම් සම්බන්ධතාවක් තිබිය යුතුයි. ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස යන අංශ තුනේ තරඟාවලි සඳහා දින වකවානු ලබාදීමේදී ක්‍රිකට් සම්මේලනය අධිවේගී දුම්රියක් ලෙස කටයුතු කරන බවයි ඉයන් චැපල් සඳහන් කළේ. ඉන්දියාවේ ක්‍රිකට් පරිපාලනය උද්දච්ච ලෙස කටයුතු කරන බවට චෝදනා කළ ඉයන් චැපල් ප්‍රධාන පෙලේ කණ්ඩායම් අතර ප්‍රමාණය ඉක්මවා තරඟ සංවිධාන කිරීම විසඳිය යුතු අර්බුදයක් ලෙසයි හැඳින්වූයේ.

 


ඉන්දීය - ශ්‍රී ලංකා තරඟ සංචාරයත් කල් යයි
Thursday, 04 June 2020 - 19:53

ලබන ජූලි මාසයේ සැලසුම් කර තිබූ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී... Read More

ICC ක්‍රිකට් කමිටුවේ සභාපතිගෙන් යෝජනාවක්
Thursday, 04 June 2020 - 13:13

ක්‍රිකට් තරඟවලදී පන්දුව ඔප දැමීම සඳහා මිනිස් ඛේටය යොදා ගත... Read More

කළු ජාතිකයන්ට සිදුවන අපහසුතා ගැන ඩැරන් සාමි කථා කරයි
Thursday, 04 June 2020 - 9:09

ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත කළු ජාතිකයන්ට සිදුවන අපහසුතා සම්බන්ධයෙන්... Read More