ලංකාව තාමත් T - 20 එක.

Friday, 22 November 2013 - 7:58

%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%AD%E0%B7%8F%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A++T+-+20+%E0%B6%91%E0%B6%9A.
සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවති අවසන් සහ දෙවන විස්සයි විස්ස තරගය කඩුලූ 8 කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 7 ක් දැවී ලකුණු 142 ක් ලබා ගත් අතර, ශ්‍රී ලංකාව පන්දුවාර 17 යි පන්දු 5 කදී කඩුලූ 2 කට ලකුණු 143 ක් ලබා ගනිමින් තරගයේ ජය වාර්තා කළා. ඊයේ පැවති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ටී.එම් ඩිල්ෂාන් නොදැවී ලකුණු 59 ක් ද කුසල් පෙරේරා ලකුණු 57 ක් ද ලබා ගැනීමට සමත්වුණා. මේ අතර ඊයේ ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ ජයත් සමගම විස්සයි විස්ස ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල පළමුවන ස්ථානය තවදුරටත් තහවුරු කර ගනු ලැබුවා.