%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+141+%E0%B6%9A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
Friday, 06 December 2013 - 8:24
දකුණු අප්‍රිකාවට 141 ක ජයක්.
24

Shares
2,942

Views
සංචාරක ඉන්දීය පිල සමග පැවති පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 141 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව ඊයේ (05) සමත්වුණා. කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි පළමුවෙන් පන්දුවට පහර දෙන ලෙස දකුණු අප්‍රිකානු පිලට ඇරයුම් කළා. දකුණු අප්‍රිකාව සිය පන්දුවාර 50 තුලදී කඩුලූ 4 ක් දැවී ලකුණු 358 ක් රැස් කළා. කුයින්ටන් ඞී කොක් ලකුණු 135 ක් රැස් කළ අතර, ඩිවිලියස් සහ අම්ලා අර්ධ ශතක රැස් කර ගැනීමට සමත්වුණා. පිළිතුරු වශයෙන් ඉන්දීය පිලට 41 වන පන්දුවාරයේදී සියලූ ක්‍රීඩකයන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 217 ක් පමණයි. දෝනි ලකුණු 65 ක් රැස් කළ අතර, ඬේල් ස්ටේන්් සහ රයන් මැක්ලර්න් කඩුලූ 3 බැගින් බිඳ හෙලූවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE