ඕස්ට්‍රේලියාවට අළුබදුන දෙවන තරගයේ ජය.

Monday, 09 December 2013 - 13:34

%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B7%85%E0%B7%94%E0%B6%B6%E0%B6%AF%E0%B7%94%E0%B6%B1+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B6%BA.
සංචාරක එංගලන්ත කණ්ඩායම සමග අලූ බදුන කුසලානය යටතේ පැවති දෙවන ටෙස්ට් තරඟයද ලකුණු 218 කින් ජයගැනීමට  ඕස්ට්‍රේලියාව සමත්වුණා. තරඟය පැවැත්වුණේ ඇඩිලේඞ්  ඕවල් ක්‍රීඩාංගණයේයි. තරඟයේ පළමුව පන්දුවට පහරදුන්  ඕස්ට්‍රේලියාව පළමු ඉනිම සඳහා කඩුලූ 9 කට රැස් කළ ලකුණු සංඛ්‍යාව 570 ක්. එහිදී මයිකල් ක්ලාක් සහ බ්‍රැඞ් හැඩින් ශතක වාර්තා කිරීමට සමත්වුණා. පිළිතුරු ලෙස එංගලන්ත කණ්ඩායමට සිය පළමු ඉනිමේදි සියලූදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 172 ක් පමණයි.  ඕස්ට්‍රේලියාව සිය දෙවන ඉනිම සඳහා කඩුලූ 3 කට ලකුණු 132 ක් ලබා සිටියදී ඉනිම අත්හිටවා පන්දුවට පහරදීමේ අවස්ථාව යළි එංගලන්තයට ලබාදුන්නා. සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ එංගලන්තයට සියලූදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 312 ක් පමණයි. ඒ අනුව මෙම ජයග්‍රහණයත් සමග තරඟ 5 කින් සමන්විත අලූ බදුන තරඟාවලියේ දෙකට බින්දුවක් ලෙස පෙරමුණේ පසුවන්නේ  ඕස්ට්‍රේලියාවයි.

 


කොදෙව් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වැටුප් සහ දීමනා කැපේ
Monday, 01 June 2020 - 14:11

ක්‍රීඩකයින්ගේ සහ කාර්ය මණ්ඩල නිලධාරීන්ගේ වැටුප් සහ අරමුදල්... Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුවීම් අද සිට අරඹයි
Monday, 01 June 2020 - 7:44

කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් මාස 3කට ආසන්න කාලයක් නවතා දමා... Read More

රජිව් ගාන්ධි ඛෙල් - රත්න සම්මානයට රෝහිත් ෂර්මා
Sunday, 31 May 2020 - 13:31

විශිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් උදෙසා ඉන්දියාව පිරිනමන ඉහළම... Read More