20 - 20 තවමත් මුල් තැන ශ්‍රී ලංකාවට.

Saturday, 14 December 2013 - 8:26

20+-+20+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7.
පාකිස්තානය සමඟ ඩුබායි හිදී ඊයේ (13) පැවැති දෙවන පන්දු වාර විස්ස ක්‍රිකට් තරගය ලකුණු 24කින් ජය ගැනීමත් සමඟ විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් සටහනේ තවදුරටත් අංක එක ස්ථානය රැක ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 3කට ලකුණු 211ක් රැස් කළා.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් කුසල් ජනිත් පෙරේරා පන්දු පන්දු 59කදී ලකුණු 84ක් ද ටී.එම්. ඩිල්ශාන් ලකුණු 48ක් සහ සංගක්කාර නොදැවී ලකුණු 44ක් ලබා ගත්තා. ලකුණු 212ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය පාකිස්තානු කණ්ඩායමට පන්දු වාර 19යි පන්දු 2ක් අවසානයේ සියලූ දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 187ක් පමණයි. පන්දු යැවීමේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සචිත්‍ර සේනානායක ලකුණු 27කට කඩුලූ 3ක් බිද හෙලූවා. නුවන් කුලසේකර, සීක්කුගේ ප්‍රසන්න සහ තිසර පෙරේරා කඩුලූ දෙක බැගින් දවා ගත්තා. තරගයේ වීරයා ලෙස නම් කෙරුණේ කුසල් ජනිත් පෙරේරායි. ඒ අනුව පන්දු වාර 20 තරගාවලිය එකට එකක් ලෙස සම තත්ත්වයෙන් අවසන් වුණා. දෙරට අතර පළමු එක්දින තරගය ලබන 18 වන දා සාජා හිදී ආරම්භ වීමට නියමිතයි.


පිතිකරුවන්ට සිදුවන වාසියක් ගැන ඉර්ෆාන් පතාන් කියයි
Monday, 25 May 2020 - 13:46

මිනිස් ඛේඨය උපයෝගී කරගනිමින් පන්දුව ඔප දැමීමට නොහැකි ආකාරයට... Read More

තව්ෆීක් උමාර්ට කොරෝනා
Monday, 25 May 2020 - 7:31

පාකිස්තාන ක්‍රිකට් පිළේ හිටපු ආරම්භක පිතිකරු තව්ෆීක් උමාර්ට... Read More

විස්සයි විස්ස ලෝක කුසලානය ඔක්තෝම්බරයේ නොපැවැත්වෙන ලකුණු
Sunday, 24 May 2020 - 19:27

කල් දමන ලද විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය මේ වසරේ ඔක්තෝම්බර්,... Read More