දකුණු අප්‍රිකාව, ඉන්දියාවට එරෙහිව දැඩි සටනක.

Friday, 20 December 2013 - 8:29

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%2C+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B6%9A.
සංචාරක ඉන්දීය පිල සහ දකුණු අප්‍රිකාව අතර ජොහැනස්බර්ග් නුවර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය අදයි. ඉන්දියාව පළමු ඉනිමේදී ලබාගත් ලකුණු 280 ට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකාව සිය පළමු ඉනිම සඳහා මේ වනවිට කඩුළු 06 ක් දැවී ලකුණු 213 ක් රැස්කරගෙන සිටිනවා. ඉන්දීය පළමු ඉනිමේදී විරාට් කෝලි ලකුණු 119 ක් රැස්කළා. දකුණු අප්‍රිකානු පළමු ඉනිමේ 06 වන කඩුල්ල බිඳ වැටුණේ ලකුණු 146 දීයි. එහෙත් ඩුප්ලෙසි සහ වර්නන් ෆිලැන්ඩර් නොදැවුණු 07 වන කඩුල්ල සඳහා ලකුණු 67 ක සබඳතාවයක් පවත්වාගෙන සිටිනවා.