ශ්‍රී ලංකාවට ජය.

Saturday, 21 December 2013 - 8:33

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BA.
ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර සාජා හි පැවැති දෙවන එක්දින ජාත්‍යන්තර තරඟයෙන් කඩුලූ 2ක තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකාව ඊයේ (20) සමත් වුණා. තරගයේ පළමුව පන්දුවට පහර දුන් පාකිස්තානු කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලූ 4කට ලකුණු 284ක් රැස් කළා. ලකුණු 285ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 49යි පන්දු 4ක් අවසානයේ කඩුලූ 8ක් දැවී ලකුණු 287ක් රැස් කරමින් තරගය ජයග්‍රහණය කළා. ජයග්‍රහණය කරා ශ්‍රී ලංකා කණ්ඩායම ගෙන ගිය කුමාර් සංගක්කාර ලකුණු 58ක් ද නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 47ක් ද රැස් කළා. දෙරට අතර තුන්වන එක්දින තරගය ලබන 22 වන දා පැවැත්වෙනවා.