පාකිස්ථානයට ලකුණු 113 ක ජයක්.

Monday, 23 December 2013 - 7:55

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+113+%E0%B6%9A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවති තුන්වන එක්දින තරගයෙන් පාකිස්ථානය ලකුණු 113 ක ජයග්‍රහණයක් වාර්තා කළා. සාජා හි ඊයේ පැවති තරඟයෙන් කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට පාකිස්ථාන කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලූ 5 ක් දැවී ලකුණු 326 ක් රැස්කරගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 44 යි පන්දු 4 කදී සියල්ලන් දැවී රැස් කරගත්තේ ලකුණු 213 ක් පමණයි. කණ්ඩායම වෙනුවෙන් ටී එම් දිල්ෂාන් ලකුණු 59 ක් රැස් කරගත්තා. තරඟ 5 කින් සමන්විත දෙරට අතර එක්දින තරඟාවලියේ දෙකට එකක් ලෙස මේ වනවිට පෙරමුණේ පසුවන්නේ පකිස්ථානයයි.