ශ්‍රී ලංකාවට කඩුලූ 2ක් ජයක්.

Saturday, 28 December 2013 - 8:12

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%9A%E0%B6%A9%E0%B7%94%E0%B6%BD%E0%B7%96+2%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
පාකිස්තාන සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අබුඩාබියේ පැවැති පස් වන සහ අවසන් එක්දින තරගය කඩුලූ 2කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව ඊයේ (27) සමත් වුණා. තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් පාකිස්තානු කණ්ඩායම පන්දු වාර 49යි පන්දු 3කදී සියලූ දෙනා දැවී ලකුණු 232ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලසිත් මාලිංග කඩුලූ 4ක් ද සුරංග ලක්මාල් කඩුලූ 3ක් ද දවා ගැනීමට සමත් වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 49යි පන්දු 4කදී කඩුලූ 8ක් දැවී 235ක් රැස් කරගෙන ජයග්‍රහණය වාර්තා කළා. එහිදී ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 64ක් රැස් කිරීමට සමත් වුණා. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා - පාකිස්තාන එක්දින තරගාවලියේ ජය 3ට 2ක් ලෙස පාකිස්තානයට හිමි වනවා.