ඕස්ට්‍රේලියාවට වැඩි වාසි.

Saturday, 28 December 2013 - 13:23

%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%92.
අළුබඳුන කුසලාන ටෙස්ට් තරගාවලියේ 4 වන ටෙස්ට් තරගයේ දී ද  ඕස්ට්‍රේලියාවට වැඩි වාසි අත්වී තිබෙනවා. නත්තල් දිනට පසු දා මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඇරඹුණු ටෙස්ට් තරගයේ 4 වන දිනය වන අද (27) එංගලන්ත පිළ සිය දෙවන ඉනිම සඳහා ලකුණු 179කට දැවී ගියා. එංගලන්තය පළමු ඉනිමේ දී ලකුණු 255ක් රැස් කළ අතර  ඕස්ට්‍රේලියාව පළමු ඉනිම සදහා ලබා ගත්තේ ලකුණු 204ක් පමණයි.  ඕස්ට්‍රේලියාව සිය දෙවැනි ඉනිම සඳහා මේ වන විට කිසිවෙකු නොදැවී ලකුණු 16ක් ලබා සිටිනවා. ඔවුන්ට ජයග්‍රහණය සදහා තවත් ලකුණු 215ක් රැස් කළ යුතුයි. තරගාවලියේ පළමු ටෙස්ට් තරග තුනෙන්ම ජය ලැබූයේ  ඕස්ට්‍රේලියාවයි.